Monday, December 18, 2017

ආත්මා.........
.
8 වන කොටස.........
.
"එයාල කතා කලේ උඹ ගැන." සඳා කියපු දේ නිසා මම තවත් බය වුනා....
.
"මොනවද එයාල මම ගැන කතා කලේ...?" මම එහෙම ඇහුවෙ එයාල කතා කරපු ඒව දැනගන්න.
.
"අම්ම, තාත්තට කිව්ව අද සුරංගනී මෙහෙ ආව, ඇවිල්ල මගෙ නම කිව්ව, ඒ වුනාට එයාට මොකුත් මතක නෑ, මම හිතන්නෙ එයා ආයෙත් ඉපදිලා කියල. එහෙම කිව්ව." සඳා එහෙම කියල මගෙ දිහා බැලුව.
.
"එතකොට තාත්ත මොනවද කිව්වෙ...?" මම ඇහුවෙ එයාගෙ තාත්ත මොනවද කිව්වෙ කියල දැන ගත්තොත් මට මේ වෙන දේවල් ගැන මොකක් හරි අදහසක් ගන්න පුලුවන් වෙයි කියල හිතාගෙන.
.
"තාත්ත බය වෙලා කෑගැහුව ඒක එහෙම වෙන්න බෑ, අපි ගමෙන් ආවෙත් ඒ ප්‍රශ්නෙ නිසා නෙ කියල." සඳා එහෙම කිව්වෙ බය වෙලා.
.
"එහෙනම් අපිට මේකට උත්තර හොයන්න වෙන්නෙ සාස්තරයක් වත් බලල තමයි." මම එහෙම කිව්වෙ අපේ ගෙදරින් මාව තනියෙන් කොහෙවත් යවන්නෙ නැති නිසා.
.
.
ඉස්කෝලෙ ඉවර වුන ගමන්ම මම සඳාවත් ඇදගෙන පිළියන්දල ලයිබ්රි එක ලඟට ගියේ සංඛේත් මීට් වෙන්න. අපි එතනටගිහින් ටික වෙලාවක් යද්දි සංඛේත් එතනට ආව. සඳාට සංඛේත් අපි දෙන්න දකින දේවල්, අපේ හීන ගැන හැමදේම පැහැදිලි කලා. සඳා එයාගෙ අම්මයි තාත්තයි කතා කරපු ඒවත් සංඛේත් ඉස්සරහ ආයෙමත් කියද්දි සංඛේත් වගේම මමත් ආයෙමත් බය වුනා.
.
"මොනවා.....? එහෙනම් මෙතන ලොකු දෙයක් ඇති. අපි මේ ගැන හොයන්න ඕනෙ." සංඛේත් එහෙම කියද්දි මගෙ බය තවත් වැඩි වුනා.
.
"අපි සාස්තරයක් වත් බලමුද සංඛේත්...?" මම එහෙම කියද්දි සඳා පුදුමයෙන් වගේ වගේ මගෙ මූණ දිහා බලන් හිටියෙ මම කවදාවත් සාස්තර විශ්වාස කලේ නැති නිසා.
.
"අපි දැනට ඒක වත් කරල බලමු." සංඛේත් එහෙම කිව්වෙ කරන්න දෙයක් හිතා ගන්න බැරුව. අපි යන ගමන්ම දේවාලෙකට ගියේ වෙන දෙයක් කරන්න කලින් මේව නිරවුල් කරගන්න.
.
"මේ..... දරුවන් මෙතැනට පැමිණ සිටින්නේ සිතේ ඇති දුකක් පිලිබඳව සොයා බැලීමටයි......" කපුවා එහෙම කියද්දි අපි වැදගෙන හිටියේ හිතා ගන්න බැරි නිසා.
.
"එහෙමයි..." සංඛේත් එහෙම කිව්වෙ හරීම භක්තියකින් වගේ.
.
"මේ..... දරුවන්ට පිළිතුරු ලැබේවි, අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත ගමකින්....." කපුවා එසේ කියා අවසන් කලේ අපේ ගැටලුවට තවත් ප්‍රශ්නයක්ම ඉතුරු කරලා.
.
"අනුරාධපුරය.....? අපේ තාත්ත කිව්වෙ අපේ ගම ගාල්ල කියලනෙ." සඳා පුදුමයෙන් එහෙම කිව්වෙ අපිව තවත් අවුල් කරමින්.
.
"අපි දවසක් දාගෙන අනුරාධපුරේ යමු. මට කොහොම හරි මේක ගැන දැනගන්න ඕනෙ." සංඛේත් ස්ථීර හඬකින් එහෙම කිව්වෙ අපි ගෙදර යන්න බස් එකේ යන ගමන්. ඇත්තටම දැන් මටත් මේක හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.
.
"ගෙවල් වලින් යන්න අවසර දෙන්නෙ නෑ සංඛේත්." මම එහෙම කිව්වෙ අපේ ගෙදරින් අවසර දෙන්නෙ නැති නිසා.
.
"අපේ අම්මට මම මේව ගැන හැමදේම කියල තියෙන්නෙ. මම මොකක් හරි කරන්නම් ගෙවල් වලින් අවසර ගන්න." සංඛේත් කිව්වෙ මගෙ මූණ දිහා බලාගෙන. ඇත්තම කිව්වොත් අපිටත් නොදැනී අපි දෙන්න මාර විදියට ලං වෙලා. ඇත්තටම සංඛේත් මගෙ කව්ද...? මේක අපේ ගිය ආත්මෙ ගැන දෙයක් උනත්, සංඛේත්ට මම ආදරෙයි. දැන් මම සංඛේත්ගෙ ඇස් දෙකට, කතාවට පිස්සු වැටිල වගේ. මං දන්නෙ නෑ ඒ ආදරේ ඇති වුනේ කොහොමද කියල වත්. මේ අවුරුදු 18ටම ඇති නොවුනු ඒ සුන්දර හැඟීම අද ඇතිවෙලා.
.
"මොකෝ බං මේ තනියම හිනා වෙන්නෙ...?" සඳා එහෙම ඇහුවෙ සංඛේත් ඉස්සරහමයි.
.
.
.
මතුසම්බන්ධයි...........

Sunday, December 17, 2017

ආත්මා.........
.
7 වන කොටස.........
.
"සඳා.... මට සංඛේත්ව ගෙදර එනකොටත් හම්බවුනා..." මම ගෙදර ගිය ගමන්ම මම සඳාට කතා කරල කිව්වෙ කරන්න දෙයක් හිතා ගන්න බැරිවුණ නිසා.
.
"එයා මේ ලඟ ඉන්නෙ. මටත් එයාව දවසක්, දෙකක් හම්බවුණා." සඳා ගානකට නැතුව කිව්ව.
.
"එයාටත් මට පේනව වගේ ඒව පේනවලු. අපි දෙන්න කතා කරද්දි එයා කිව්වෙ." මම සඳාට කෙලින්ම කිව්ව.
.
"මොනවා...... එයාටත්...? එහෙනම් මේක මොකක් හරි දෙයක් වෙන්නම ඕනෙ. අපි හොයන්න ඕනෙ දිනෙත්මා." සඳා එහෙම කිව්වෙ බය වෙලා වගේ.
.
"සංඛේත් මට එයාගෙ නම්බර් එක දුන්න. මේකට විසඳුමක් හොයන්න එයත් එනව කිව්ව." මම කිව්වෙ සඳා මොනව කියයිද බලන්න.
.
"උඹ කතා කරල හෙටම එයාව මීට් වෙන්න විදියක් කතා කරගනින්. මටත් දැනගන්න ඕනෙ ඔය වෙන දේවල් වල තේරුම. තාත්ත ආව. මම තියනව බං." සඳා එහෙම කියල ෆෝන් එක කට් කලේ මට හිතන්න දේවල් ඉතුරු කරල. මම හිතා ගත්ත රෑ කෑමෙන් පස්සෙ සංඛේත්ට කතා කරන්න.
.
.
"හෙලෝ.... මේ.. මේ... සංඛේත් ඉන්නවද...?" මම බයෙන් බයෙන් වගේ එහෙම අහද්දි එහා පැත්තෙ ආන්ස්වර් කරපු කෙනා ටිකක් සද්ද නැතුව හිටිය.
.
"ඔව්. සංඛේත් තමයි කතා කරන්නෙ... මේ කව්ද...?"  සංඛේත් එහෙම අහද්දි මගෙ බය ටිකක් අඩු වුනා.
.
"අද හම්බවුණේ ගැමුණුපුර හංදියෙදි.. මම දිනෙත්මා." මම එහෙම කිව්වම එයා හිනා වුනා.
.
"ආයෙත් මොනව හරි දැක්කද...?" එයා එහෙම ඇහුවෙ බයෙන් වගේ.
.
"නෑ... නෑ... මටයි, සඳාටයි හෙට ඔයාව හම්බවෙන්න ඕනෙ. හෙට පුළුවන්ද...?" මම කෙලින්ම කියල දැම්ම.
.
"මොකක් හරි හදිස්සියක් ද...?" එයා කලබලෙන් වගේ එහෙම ඇහුව.
.
"නෑ... අපි තුන්දෙනාම එකතු වෙලා අපි දෙන්නට මේ පේන දේවල් ගැන හොයන්න ඕනෙ. ඒක ගැන කතා කරගන්න තමයි හෙට මීට් වෙන්න පුළුවන්ද ඇහුවෙ." මම එහෙම කිව්වම එයා හයියෙන් හුස්මක් පහලට දැම්ම.
.
"අම්මෝ... මම බය වුනා මගෙ ඔළුවට මොකක්ද මේ පාත්වෙන්න යන හෙනේ කියල..." එයා හිනාවෙවී එහෙම කියද්දි මට ඇත්තටම එයා පව් කියල හිතුන.
.
"හරි. මම පිළියන්දල ලයිබ්රි එක ලඟට එන්නම්. ඉස්කෝලෙ ඉවරවෙලා ඔයාලත් එතනට එන්න. මම තියන්නම් එහෙනම්." එයා ඒ ටික කියල ෆෝන් එක කට් කලා.
.
අවුරුදු 18ක් පුරාවට මේ ජීවිතය මට නොදුන්න ප්‍රශ්න, මේ දවස් දෙක තුනට වැඩිපුරත් එක්ක දීල. මට මොකුත්ම හිතාගන්න බෑ. ඒ ගැන හිත හිත ඉද්දිම මට නින්ද ගියා.
.
මම උදේ නැගිට්ටෙ ලස්සනම ලස්සන හීනයක් දැකල. ඒ තමයි මම සංඛේත් එක්ක දුර ඈත ගමක, වැවක් ලඟ කතා කර කර හිටිය. එයා මේ සංඛේත් ට වඩා ටිකක් වෙනස්. හැබැයි පෙනුමයි ඇස් දෙකයි එකම වගේ. මෙයා තරම් සුදු නම් නෑ. මම ඒ ගැන හිත හිතම ඉස්කෝලෙට ගියා.
.
"දිනෙත්මා... ටිකක් මේ පැත්තට යමංකෝ..." සඳා හදිස්සියේම මාව ඇදන් ගියේ පිට්ටනිය ලඟ තිබුණු නෙල්ලි ගහ ලඟට.
.
"මොකෝ බං මෙ පාන්දර යකෙක් වත් දැක්කද...?" මම ඇහුවෙ හිනාවෙවීමයි.
.
"ඊයෙ රෑ මම දැකපු යකා උඹත් දැක්ක නම් ඔහොම හිනා වෙන්නෙ නෑ උඹ." මූණෙන් දාඩිය පෙරා⁣ගෙන බය වුනු කෙනෙක් වගේ ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන සඳා කියද්දි මට බකස් ගාල හිනා ගියා.
.
"හිනා නොවී මේක අහපං යකෝ... මේක උඹේ හීන වලට සම්බන්ධ යකෙක්." එහෙම කියද්දි නම් මටහීන් දාඩියයි මහ දාඩියයි ඔක්කොම දැම්මා.
.
"මොකද මොකද වුනේ කියපං...." මම බය වෙලා එහෙම කියද්දි සඳා ටිකක් වෙලා හිටියෙ බය නැති කරගන්න වගේ.
.
"උඹට මතකද ඊයෙ මම තාත්තා ආව කියල කෝල් එක කට් කලා..." සඳා ඇහුවෙ ඊයෙ රෑ වුණු දේ.
.
"ඔව් ඔව්.... ඉතින් තෙපරබාන්නෙ නැතුව කියපංකො." මම එහෙම කිව්වෙ තවත් බලන් ඉන්න බැරි නිසා.
.
"අම්මයි තාත්තයි මුලින්ම ආවෙ මගෙ කාමරේට. මම හොඳටම නිදි වගේ හිටිය. ඊට පස්සෙ එයාල දෙන්න මාව ඇහැරෙන්නෙ නැතිවෙන්න හෙමින් හෙමින් සාලෙට ගිහින් කතා කරනව ඇහුන නිසා මම හොරෙන් අහගෙන හිටිය. එයාල කතා කරේ උඹ ගැන." මම ඒ සඳා කියපු දේවල් නිසා හොඳටම බය වුණා.
.
.
.
මතුසම්බන්ධයි...........
අාත්මා.......
.
6 වන කොටස.......
.
"උඹට මතකද සඳා එදා ක්ලාස් එකේදි මම සංඛේත් දිහා බැලුවා...?" මම එහෙම ඇහුවෙ එදා වුන දේවල් සඳාට මතක් කරන්න.
.
"ඔව් ඉතිං..." සඳා වැඩිය මුකුත් කිව්වෙ නැත්තෙ කතාව අහන්න තියෙන හදිස්සියට.
.
"එදා මම දැක්කෙ එයාගෙ නිල්පාට ඇස් දෙක. මට දැණුනා එයාව මම අඳුරනව වගේ කියල. ඊට පස්සෙ තමයි මේ අවුරුදු 18ට ම මම නොදැකපු දේවල් දකින්න පටන් ගත්තෙ. මම එදා උඹව කාර් එකකින් හප්පන්න යනව වගේ දැක්ක. ඊට පස්සෙ අද පාන්දර මම දැක්ක මාව කව්ද වෑන් එකකින් දාගෙන පැහැරගෙන යනව වගේ. මම එතකොට කෑගහගෙන ඇහැරුණේ සංඛේත් කියල. මම අද ගැමුණුපුර හංදියෙන් බැහැපු ගමන් තමයි අර නිල් ඇස් තියෙන කොල්ලව හම්බවුණේ. එයා එක්ක කතා කරද්දි තමයි මම දන්නෙ එයාගෙ නමත් සංඛේත් කියල. එතකොට ඒ වගේම තමයි මම උඹලගෙ අම්මව දැකපු ගමන් සමන්ති කියල කතා කලෙත් ඒ වගේ තමයි. ඒත් එහෙම වුණේ කොහොමද කියල මම දන්නෙ නෑ." මම එක හුස්මට එයාට කිව්වෙ තවත් මට ඒව හිරකරගෙන ඉන්න බැරි නිසා.
.
⁣"මෙතන මොකක් හරි දෙයක් තියෙනව බං. අපේ අම්මත් සුරංගනී කියලනෙ ඔයාට කතා කලේ. මේක හොයන්න ඕනෙ බං." සඳා කවදාවත්ම එච්චර බැරෑරුම්ව කතා කලේ නෑ. ඒත් අද මාර විදිහට සීරියස් වෙලා.
.
"ඔව් සඳා... මට හිතට මාරම අවුල්. මේක විසඳගන්න ඕනෙ. හරියකට නින්ද යන්නෙත් නෑ." මම සඳාට ඇත්තම කියද්දි මම දැක්ක නිකන් කවුරු හරි අපේ කතාව අහගෙන ඉන්නව වගේ ඡායාවක්. අපේ කතාව ඉවර වුනා විතරයි ඒ ඡායාව කාමරේ ඇතුලට ආව. ඒ සඳාගෙ අම්ම. එයා ඇයි මේ අපේ කතාව හොරෙන් අහන් ඉන්නෙ...?
.
"මෙන්න මම ඔයාලට තේ ගෙනාව." ඇන්ටි හොරෙන් හොරෙන් මගෙ දිහා බලන ගමන්ම හිනා වුනා.
.
මම හවස් වෙනකම් එහෙට වෙලා ඉඳල ගෙදර එන්න ආව. මම එද්දිත් සංඛේත් පාර දිගේ ඇවිදන් යනව. මම එයාට යන්න දීල පේන්නෙ නැති වෙන්න ගියෙ ආයෙත් එයා එක්ක කතා කරන්න තරම් මානසිකත්වයක නැති නිසා.ඒත් එයා මාව දැක්ක.
.
"දැන්ද ගෙදර යන්නෙ...?" මාව දැකපු එයා මම එනකම් නතර වෙලා ඉඳල ඇහුව.
.
"ඔව්. ඔයාගෙන් මම දෙයක් අහන්නද...?" මම එහෙම කිව්වෙ ටිකක් හරි සෑහීමකට පත් වෙන්න උත්තරයක් බලාගෙන.
.
"අහන්නකො බලන්න." එයා එහෙම කිව්වෙ කුතුහලයකින් කියල මට දැණුන.
.
"ඔයාගෙ ඇස් නිල්පාට ඇයි...?" මම එහෙම ඇහුවම එයාට බකස් ගාල හිනාවක් ගියා...
.
"ඕකද ඔයාගෙ ප්‍රශ්නෙ...? දන්නෙ නෑ... මම ඉපදුන දවසෙ ඉදන්ම මේ විදියම තමයි ඇස් දෙක. ඇස් දෙකේ ප්‍රශ්නයක් නම් නෑ... ඇයි හොඳ නැද්ද?" එයා එහෙම ඇහුවම නම් මටත් හිනා ගියා.
.
"ඔයාට අමුතු අමුතු දේවල් පෙනිල නැද්ද...?" මම ඇහුවම එයා ටිකක් කල්පනා කලා.
.
"අමුතු දේවල් කිව්වෙ හීන වගේ ඒවද...?" එයා ඇහුවෙ බැරෑරුම් විදියට.
.
"හීනයි, තව නිකන් පාරෙ යද්දි යාළුවව කාර් එකකින් හප්පන්න හදනව වගේ ඒව...?" මම වහෙන් ඔරෝ එහෙම කිව්වම සංඛේත් ටිකක් කල්පනා කලා.
.
"මෙහෙමයි, ඔයාට බොරු කියන්න හිත දෙන්නෙ නෑ. ඒක නිසා මම ඇත්තම කියන්නම්. මට හටපු ගමන් පේනව මම කාර් එකකින් ගිහින් ගෑණු ලසයි දෙන්නෙක්ව හප්පන්න වගේ යනව, හීනෙන් මට ඇහෙනව කවුරු හරි මාව බේරගන්න සංඛේත් කියලත් කෑගහනව. මං ගොඩක් අවුල් වෙලා හිටියෙ මේව කියන්න කෙනෙක් නැතුව." සංඛේත් එහෙම කිව්ව. මගෙ ඇඟ සීතල වෙලා ගියා. මට පේන හීනම අනිත් පැත්තට සංඛේත්ට ත් පේනව.
.
"ඔය හීන ටිකම මටත් පේනව සංඛේත්. ඒත් වෙනසකට තියෙන්නෙ හැප්පෙන්න යන ගෑණු ලමයි දෙන්නගෙන් එක්කෙනෙක් මම. මාව බේරගන්න සංඛේත් කියල කෑගහන්නෙ මම. අපි මේක ගැන හොයන්න ඕනෙ. ඔයා මට උදව් කරනවද...?" මම හිතන්නෙ නැතුවම කිව්වෙ සංඛේත්ටත් උදව් ඕනෙ නිසා.
.
"අපි හොයමු. ඔයා මට කෝල් කරන්න. අපි හොඳට කල්පනා කරල මේක ගැන හොයන්න ඕනෙ. මම යනව එහෙනම්." එහෙම කිව්ව සංඛේත් කොල කෑල්ලක එයාගෙ නම්බර් එක ලියල, මට දීල ගියේ අතුරු පාරකට හැරිල. මම ඒ නම්බර් එක පරිස්සමට බෑග් එකට දාගත්තෙ ඇයි කියන්න මටත් හිතාගන්න බෑ..
.
.
.
මතුසම්බන්ධයි.........

Saturday, December 16, 2017

ආත්මා......
.
5 වන කොටස........
.
මම වත්ත ඇතුලට අඩිය තියද්දිම මට මහ අමුත්තක් දැණුන. ඒ මොකද කියන්න මම හරියට දන්නෙ නෑ. ඒත් මහ මූසල හැඟීමක් ආව මට. ඒත් වත්තයි, ගෙදරයි නම් හරීම ලස්සනයි.
.
"මේක තමයි අපේ පුංචි පැල් කොටේ....." සඳා ගේ දිහා බලන් කියද්දි මට බකස් ගාල හිනා ගියා..
.
"යකෝ මේකට පැල් කොටේ කිව්වොත් අපේ ගෙදරට මොකක්ද කියන්නෙ...?" මම හිනා වෙවීම එහෙම ඇහුව.
.
"අපේ ඩැඩී මං ඉපදෙන්න කලින් ඉඳල තියෙන්නෙ මෙහෙ නෙමෙයි. ගාල්ලෙ. ඒත් එහෙ ඉන්න බෑ කියල හිතිල තමයි මේ ගේ හදාගෙන මෙහෙට ඇවිල්ල තියෙන්නෙ." සඳා එහෙම කිව්වෙ අහස දිහා බලාගෙන.
.
"ඉතිම් බං මේ හොඳට ගේ එහෙම හදාගෙන ඉන්නෙ...?" මම ඇහුවෙ සඳා දුකින් වගේ ඉන්න නිසා.
.
"ඒත් බං මේ අවුරුදු 18ට ම එක පාරක් වත් අපි එහෙ ගිහින් නෑ. ගෙදරට එහෙ නෑදෑයො එන්නෙත් නෑ. අපි මේ පැත්තෙ තනි වෙලා වගේ ඉන්නෙ බං." සඳා දුකින් එහෙම කිව්වෙ.
.
"ඒකටත් මොකක් හරි හේතුවක් ඇති බං." මම සඳාව සනසල බැලුවෙ වත්තෙ තිබුණු මල් ගස් දිහා.
.
"හරි ලස්සනයි බං මල් වත්ත. කවුද මේව ගෙනාවෙ?" මම එහෙම ඇහුවෙ ඇත්තටම ලස්සන නිසා.
.
"අපේ තාත්තගෙ වැඩ තමයි ඕව." සඳා හිනා වෙවී එහෙම කිව්වම මම ගොඩාක් පුදුම වුනා. මොකද මම චූටි කාලෙ ඉඳන්ම ආස කරපු හැම මල් වර්ගයක්ම එතන තිබුණ.
.
"මේ.... යමන් ගෙට. අම්මවත් හම්බවෙලා තේ එකක් එහෙම බීල කතා කරමු උඹේ සංඛේතය ගැන." සඳා නෝන්ඩියට වගේ එහෙම කිව්වම මට මාර ලැජ්ජාවක් ඇති වුනේ.
.
"අම්මී... අම්මී..." සඳා කෑගහගෙනම ගෙට ගියේ මාවත් ඇදගෙන.
.
"මොකෝ ලමයො මේ බෙරිහන් දෙන්නෙ.? මම කුස්සියෙ ඉන්නෙ." අම්ම එහෙම කියද්දි සඳා කුස්සියට ගියෙ මාවත් ඇදගෙනමයි.
.
"අම්මෙ... මේ දිනෙත්මා.... මගෙ ඉස්කෝලෙ හොඳ...ම යාළුවා.." සඳා ඇදල කියද්දි මට බකස් ගාල හිනා ගියා. එතකොටම සඳාලගෙ අම්ම මම ඉන්න පැත්තට හැරුණ.
.
"සමන්ති ඔයා........" මම දන්නෙ නෑ මට එහෙම කොහොම කියවුනාද කියල. සඳාගෙ අම්මගෙත් ඇස් උඩ ගියා...
.
"සුරංගනී........" සඳාගෙ අම්ම මගෙ දිහා බලාගෙන එහෙම කිව්වත් මට තේරුණේ නැහැ ඒ ඇයි කියල.
.
"ඔ...ඔයාගෙ අම්මගෙ නම සුරංගි ද..." ආයෙත් පියවි සිහියට ආපු සඳාගෙ අම්ම ඇහුව.
.
"නෑ ඇන්ටි. අම්මගෙ නම සකුන්තලා." මම එහෙම කියද්දි සඳා මූණත් කළු කරගෙන අපි දෙන්න දිහා බලාගෙන ඉන්නව.
.
"මේ..... ඔයාල දෙන්න කලින් අඳුරනවද...?" සඳා එහෙම ඇහුවෙ අපි කතා කරපු විදියට.
.
"නෑ පුතේ.... ගාල්ලෙ මගෙ යාළුවෙක් හිටිය සුරංගි කියල. එයත් මේ ඔයාගෙ යාළුව වගේමයි." ඇන්ටි එහෙම කියල ෂේප් වුනා. සඳා ඊලඟට බැලුවෙ මගෙ දිහා.
.
"දිනෙත්මා...... උඹ කොහොමද අපේ අම්මගෙ නම හරියටම කිව්වෙ...?" සඳා අහද්දි මටත් හිතාගන්න බෑ එහෙම වුනේ ඇයි කියල.
.
"දන්නෙ නෑ සඳා.... එදා පාර මැද්දෙ කෑගැහුව වගේ තමයි අදත් වුනේ. ඒක ගැන කියන්න තමයි මම අද ආවෙත්..." සඳා ටිකක් ෂේප් වුනා වගේ....
.
"අම්මී..... තේ දෙකක් හදල දෙනවද....? අපි කාමරේට යනවා.." සඳා එහෙම කියල මාවත් ඇදගෙන සඳාගෙ කාමරේට ඇදගෙන ගියේ කතාව අහන්න.
.
"හරි. දැන් මෙතනින් ඉඳගෙන කතාව කියපං මගෙන් මැරුම් නොකා..." සඳාට තාමත් කුතුහලය මට මේ වෙන දේවල් වලට. ඇයි අප්ප මහ පාරෙ කෑගැහුව, සංඛේත් කියල හීනෙන් කෑගැහුව, සඳාගෙ අම්මගෙ නම හරියටම කිව්ව, ඒකි දැන් මටත් වඩා අවුල් වෙලා ඉන්නෙ.
.
.
.
මතුසම්බන්ධයි.................
ආත්මා.....
.
4 වන කොටස.....
.
මම ගැමුණුපුර හංදියෙන් බැස්සෙ සඳා ඉන්නවද කියල බල බලා. එතකොටම මම දැක්කෙ අර නිල්පාට ඇස් දෙක. එයත් මේ පාරෙද? එයා මගෙ ලඟටම ආවෙ මම නොහිතපු විදිහට.
.
"ඔයා මේ ලඟද ඉන්නෙ...?" එයා එහෙම ඇහුවෙ හරිම අහිංසක විදියට.
.
"නෑ.... මං මේ යාළුවගෙ ගෙදර යන ගමන්..." මම එහෙම කිව්වෙ අදත් එයාව රිද්දන්න දුක හිතුන නිසා...
.
"ආහ්... අර එදා හිටපු එක්කෙනාද...? මම එයාලගෙ ගෙවල් නම් දන්නව." එයා එහෙම කිව්වෙ මගෙ ඇස් දිහා බලාගෙන.
.
"ඒ කොහොමද...?" පුදුමෙන් මම අහද්දි එයා හිනා වුනේ අහසට.
.
"මොකෝ සහෝදරය මගෙ යාළුවට ලයින් දදා ඉන්නෙ...?" එතකොටම සඳා ආවෙ ඒ කොල්ලට බයිට් එකකුත් දාගෙනමයි.
.
"නෑ ඉතිම්... අපි ටිකක් අඳුරගන්න හැදුවෙ. ඔයාගෙ නම මොකක්ද..?" හරි අහිංසක විදියට එයා මගෙ දිහා බලාගෙනම ඇහුවෙ දුක හිතෙන විදියට.
.
"මම දිනෙත්මා.... ඔයා...?" ඒ නම දැනගන්න මම ආසාවෙන් හිටියෙ.
.
"මම සත්සර සංඛ්ත් වික්‍රමසිංහ..." එයා එහෙම කියද්දි මම ටිකක් ගැස්සිලා ගියා.
.
"සං..ඛේ..ත්........" මම තනියම ඒ නම මිමිණුවෙ මගෙ හීනෙ මතක් වෙලා.
.
"ඇයි නම හොඳ නැද්ද...? ඔයාගෙ නම නම් ලස්සනයි..." සංඛේත් එහෙම කියද්දි මම හිනා වුනා විතරයි.
.
"මේ අපි යන්නද සංඛේත්?" සඳා මෙච්චර වෙලා හොඳට ඉඳල මැද්දට පැන්න නෙ.
.
"හා හා. ගිහින් එන්නකො එහෙනම්..." සංඛේත් අහිංසක විදියට එහෙම කිව්වම දුක හිතුන...
.
"අපි ගිහින් එන්නම් සංඛේත්..." මමත් අහිංසක විදියට එහෙම කියල සඳා එක්ක යන්න හැරුණේ හිතකින් නෙමෙයි.
.
"දැන් දෙන්න අපිටත් හොරෙන් මල් කඩනව එහෙනම් නේද..." සඳා නිකන් නෝන්ඩියට වගේ ඇහුවෙ මගෙ මූණ දිහා බලාගෙන.
.
"පිස්සුද බං. මම උඹලගෙ ගෙදර එන්න ආවෙත් සංඛේත් කෙනෙක්ගෙ වැඩකට තමයි. ඒත් අරයත් සංඛේත් කියල මම දැනන් හිටියෙ නෑ." මම කිව්ව නෙමෙයි කියවුනා...
.
"ආහ්.... ඒ මොකක්ද යකෝ ඒ කතාවෙ තේරුම...? ඒක තමයි උඹලට අපේ ගෙදරට එන පාර මතක් වුනේ..." සඳා ඒ පාරත් මට නෝන්ඩියක් දැම්මෙ.
.
"මොකක්ද බං...? ටිකක් හිත සැහැල්ලු කරගන්න උඹලගෙ ගෙදර ආවෙ. නෝන්ඩි නොකර කියන එක අහපංකො." මම එහෙම කිව්වෙ ඇත්තටම දුක හිතුන නිසා.
.
"හරි හරි බං. ඔක්කොටම කලින් ගෙදරට යමුකො. මේ තියෙන්නෙ අපේ ගේ." සඳා මට පෙන්නුවෙ හරීම නිස්කලංක තැනක තිබුණ ලස්සන තට්ටු දෙකේ ගෙයක්. මේකිට මෙච්චර සල්ලි තියෙනව කියල මම දැනන් හිටියෙම නෑ නෙ. එක පාරටම වත්ත ඇතුලට අඩිය තියද්දි මට මහ අමුත්තක් දැණුනා...
.
මතුසම්බන්ධයි.............