Monday, January 8, 2018

සඳකි ඔබ මට..........

සඳකි ඔබ මට අඳුරු අහසට.......
එලිය කරවනා.....
ඉරකි ඔබ මට සොඳුරු දිවියට.....
ආදරේ පුරවනා......
.
දිනන දිවියට අසිරි නුඹ ගෙනෙන....
දෙව්ලියයි මා දිවියේ......
ඔබව නැතුවම පාලු අඳුරකි.....
නැවත මගෙ දිවියේ......
.
සඳට පෙම් කල ඉරට පෙම් කල....
මහද අඩ අඳුරේ......
මිරිඟුවකි ඔබ පාලු කතරේ.....
රවටනා මා දෑසේ.....
.
බලා හිඳිමි මම ඔබ ලැබෙන තෙක්.....
කොතෙක් කල් හෝ මේ සසරේ......
ඇවිත් යන්න ඔබ මේ වැලි කතරට.....
පොද වැස්සක් හෝ විලසේ.....

No comments:

Post a Comment