Saturday, December 16, 2017

ආත්මා....... 1 වන කොටස......

 
වෙනස්ම ආරකින් ඉදිරිපත් කරන ආත්මා මෙතැන් සිට.....
.
1 කොටස....
.
"මේ... කෙල්ලෙ... අද පංති යන්නෙ නැද්ද..?"
.
ඒ මගෙ අතිජාත මිත්‍රයා.... ආහ්... සොරි මිතුරිය... මම දිනෙත්මා සංජානි කොඩිකාර. මගෙ හොඳම මිතුරිය තමයි සදසි අකිත්මා රත්නායක. අපි දෙන්න සාමාන්‍ය පෙළ පංතියෙ ඉඳන්ම හොඳම යාළුවො.. මේ අවුරුද්දෙ තමයි උසස් පෙළ පංතියට ආවෙ. ඒකෙදිත් අපි දෙන්න වැටුනෙ එකම පංතියට. අද සෙනසුරාදා. පිළියන්දල ප්‍රසිද්ධ ගුරුවරයෙකුගෙ පංතියක් අද අපිට... යාළුව මතක් කරනකම් මතක් උනේම නෑ අද අපිට ක්ලාස් කියල...
.
"හරි හරි වදේ... මම ටක් ගාල ලෑස්ති වෙලා එන්නම්.."
.
මම එහෙම කිව්වෙ නැත්නම් එක දිගට කෝල් කරනව. මම ආසම කළු පාට ⁣ඩෙනිම් කලිසමට රෝස පාට ටොප් එකක් ඇඳගත්තෙ පරක්කු වෙන්න බැරි නිසා...
.
"ඔන්න මම ආවා...." මම කෑගහගෙනම යාළුව ලඟට යද්දි එතන මල්ෂයි, රශ්මිත් හිටිය. අපි හතර දෙනා තමයි එකටම හිටියෙ...
.
"ආ..පෝ... උඹට දැන් ද එළි වුනේ...?" මල්ෂගෙ සුපුරුදු කට... ඒකිව නම් හදන්නම බෑ අප්ප කොච්චර කලත්.
.
"ඇයි... තාම පාන්දර වැඩි ද..?" නිකන් තියෙන කට නෙ කියල මමත් කියල දැම්ම.
.
"මේ... මේ... පාන්දරම දෙන්නම පටන් ගත්තද?. පරක්කු වෙනව. යමල්ල පංතියට..." ඒ පාර රශ්මි කට ඇරිය.
.
"ඔය බෝක්කු ටික වහගනිල්ලකො..." සදසි කෑගහන්න පටන් ගත්තෙ පරක්කු වෙන නිසා. අපි ක්ලාස් එක පැත්තට ගියේ පලවෙනි දවසෙම පරක්කු වෙන්න බැරි නිසා.
.
කාඩ් එකත් අරගෙන අපි ඇතුලෙ ඉඳගත්තෙ පලවෙනි දවස නිසා සද්ද නැතුව..
.
"ඒ අර කොල්ල උඹ දිහා බලනව වැඩී..." මල්ෂ එක සැරේටම කට ඇරියෙ අපිට එහා පේලියෙ කොල්ලෙක්ව පෙන්නල.
.
"අපෝ... කට ටිකක් වහගෙන හිටපංකො. ආපු තැනක ඉවරයි නෙ." සදසි කෑ ගැහුවෙ අර කොල්ල දිහා බලාගෙනමයි.
.
අපේ සෙට් එකේම අය අර කොල්ල දිහා බලද්දි මම විතරක් බලන්නෙ නැතුව හිටියෙ, මට දැන්මම කොල්ලො ගැන හිතන්න බැරි නිසා..
.
"ඒ... දිනෙත්මා... උඹ දිහාම තමයි බලන් ඉන්නෙ.. කොල්ල නම් මාරම හැන්ඩිය..." රශ්මි කියන්නෙ ඒ කොල්ල දිහා බලාගෙනමයි. ඒ කිව්ව විදිහට නම් මට නොබලම ඉන්න බැරි වුනා.
.
නිල් පාටට හුරු ඇස් දෙකක් තියෙන විදේශීය පෙනුමක් තියෙන කොල්ලෙක්. හැන්ඩ්සම් ලුක් එකක් තියෙනව. මට ඒ කොල්ලව දැකල පුරුදු ගතියකුත් දැනෙනව අප්ප. මට මොනව වෙලාද මන්ද.
.
"යකෝ හැන්ඩ්සම් කියන්නෙ ඕකටද...? චික් විතරක්. තම්බපු කුකුලෙක් වගේ.." මම යාළුවන්ට එහෙම කිව්වට මට ඒ ඇස් දිහා බලන්නම හිතුන. ඒත් ඉතිම් නෝන්ඩි වෙන්නත් බෑ නෙ.
.
"සදසි... මට ඒ කොල්ලව දැකල පුරුදුයි වගේ... මට හරිම හුරු ඇස් දෙකක් ඒක." ක්ලාස් ඇරිල යද්දි මම සදසිට හොරෙන් වගේ කිව්වෙ අනිත් එවුන්ට ඇහුනොත් එහෙම බයිට් කරන නිසා.
.
"කෙල්ලෙ බලාගෙන......."
.
මතුසම්බන්ධයි.

No comments:

Post a Comment