Sunday, December 17, 2017

අාත්මා.......
.
6 වන කොටස.......
.
"උඹට මතකද සඳා එදා ක්ලාස් එකේදි මම සංඛේත් දිහා බැලුවා...?" මම එහෙම ඇහුවෙ එදා වුන දේවල් සඳාට මතක් කරන්න.
.
"ඔව් ඉතිං..." සඳා වැඩිය මුකුත් කිව්වෙ නැත්තෙ කතාව අහන්න තියෙන හදිස්සියට.
.
"එදා මම දැක්කෙ එයාගෙ නිල්පාට ඇස් දෙක. මට දැණුනා එයාව මම අඳුරනව වගේ කියල. ඊට පස්සෙ තමයි මේ අවුරුදු 18ට ම මම නොදැකපු දේවල් දකින්න පටන් ගත්තෙ. මම එදා උඹව කාර් එකකින් හප්පන්න යනව වගේ දැක්ක. ඊට පස්සෙ අද පාන්දර මම දැක්ක මාව කව්ද වෑන් එකකින් දාගෙන පැහැරගෙන යනව වගේ. මම එතකොට කෑගහගෙන ඇහැරුණේ සංඛේත් කියල. මම අද ගැමුණුපුර හංදියෙන් බැහැපු ගමන් තමයි අර නිල් ඇස් තියෙන කොල්ලව හම්බවුණේ. එයා එක්ක කතා කරද්දි තමයි මම දන්නෙ එයාගෙ නමත් සංඛේත් කියල. එතකොට ඒ වගේම තමයි මම උඹලගෙ අම්මව දැකපු ගමන් සමන්ති කියල කතා කලෙත් ඒ වගේ තමයි. ඒත් එහෙම වුණේ කොහොමද කියල මම දන්නෙ නෑ." මම එක හුස්මට එයාට කිව්වෙ තවත් මට ඒව හිරකරගෙන ඉන්න බැරි නිසා.
.
⁣"මෙතන මොකක් හරි දෙයක් තියෙනව බං. අපේ අම්මත් සුරංගනී කියලනෙ ඔයාට කතා කලේ. මේක හොයන්න ඕනෙ බං." සඳා කවදාවත්ම එච්චර බැරෑරුම්ව කතා කලේ නෑ. ඒත් අද මාර විදිහට සීරියස් වෙලා.
.
"ඔව් සඳා... මට හිතට මාරම අවුල්. මේක විසඳගන්න ඕනෙ. හරියකට නින්ද යන්නෙත් නෑ." මම සඳාට ඇත්තම කියද්දි මම දැක්ක නිකන් කවුරු හරි අපේ කතාව අහගෙන ඉන්නව වගේ ඡායාවක්. අපේ කතාව ඉවර වුනා විතරයි ඒ ඡායාව කාමරේ ඇතුලට ආව. ඒ සඳාගෙ අම්ම. එයා ඇයි මේ අපේ කතාව හොරෙන් අහන් ඉන්නෙ...?
.
"මෙන්න මම ඔයාලට තේ ගෙනාව." ඇන්ටි හොරෙන් හොරෙන් මගෙ දිහා බලන ගමන්ම හිනා වුනා.
.
මම හවස් වෙනකම් එහෙට වෙලා ඉඳල ගෙදර එන්න ආව. මම එද්දිත් සංඛේත් පාර දිගේ ඇවිදන් යනව. මම එයාට යන්න දීල පේන්නෙ නැති වෙන්න ගියෙ ආයෙත් එයා එක්ක කතා කරන්න තරම් මානසිකත්වයක නැති නිසා.ඒත් එයා මාව දැක්ක.
.
"දැන්ද ගෙදර යන්නෙ...?" මාව දැකපු එයා මම එනකම් නතර වෙලා ඉඳල ඇහුව.
.
"ඔව්. ඔයාගෙන් මම දෙයක් අහන්නද...?" මම එහෙම කිව්වෙ ටිකක් හරි සෑහීමකට පත් වෙන්න උත්තරයක් බලාගෙන.
.
"අහන්නකො බලන්න." එයා එහෙම කිව්වෙ කුතුහලයකින් කියල මට දැණුන.
.
"ඔයාගෙ ඇස් නිල්පාට ඇයි...?" මම එහෙම ඇහුවම එයාට බකස් ගාල හිනාවක් ගියා...
.
"ඕකද ඔයාගෙ ප්‍රශ්නෙ...? දන්නෙ නෑ... මම ඉපදුන දවසෙ ඉදන්ම මේ විදියම තමයි ඇස් දෙක. ඇස් දෙකේ ප්‍රශ්නයක් නම් නෑ... ඇයි හොඳ නැද්ද?" එයා එහෙම ඇහුවම නම් මටත් හිනා ගියා.
.
"ඔයාට අමුතු අමුතු දේවල් පෙනිල නැද්ද...?" මම ඇහුවම එයා ටිකක් කල්පනා කලා.
.
"අමුතු දේවල් කිව්වෙ හීන වගේ ඒවද...?" එයා ඇහුවෙ බැරෑරුම් විදියට.
.
"හීනයි, තව නිකන් පාරෙ යද්දි යාළුවව කාර් එකකින් හප්පන්න හදනව වගේ ඒව...?" මම වහෙන් ඔරෝ එහෙම කිව්වම සංඛේත් ටිකක් කල්පනා කලා.
.
"මෙහෙමයි, ඔයාට බොරු කියන්න හිත දෙන්නෙ නෑ. ඒක නිසා මම ඇත්තම කියන්නම්. මට හටපු ගමන් පේනව මම කාර් එකකින් ගිහින් ගෑණු ලසයි දෙන්නෙක්ව හප්පන්න වගේ යනව, හීනෙන් මට ඇහෙනව කවුරු හරි මාව බේරගන්න සංඛේත් කියලත් කෑගහනව. මං ගොඩක් අවුල් වෙලා හිටියෙ මේව කියන්න කෙනෙක් නැතුව." සංඛේත් එහෙම කිව්ව. මගෙ ඇඟ සීතල වෙලා ගියා. මට පේන හීනම අනිත් පැත්තට සංඛේත්ට ත් පේනව.
.
"ඔය හීන ටිකම මටත් පේනව සංඛේත්. ඒත් වෙනසකට තියෙන්නෙ හැප්පෙන්න යන ගෑණු ලමයි දෙන්නගෙන් එක්කෙනෙක් මම. මාව බේරගන්න සංඛේත් කියල කෑගහන්නෙ මම. අපි මේක ගැන හොයන්න ඕනෙ. ඔයා මට උදව් කරනවද...?" මම හිතන්නෙ නැතුවම කිව්වෙ සංඛේත්ටත් උදව් ඕනෙ නිසා.
.
"අපි හොයමු. ඔයා මට කෝල් කරන්න. අපි හොඳට කල්පනා කරල මේක ගැන හොයන්න ඕනෙ. මම යනව එහෙනම්." එහෙම කිව්ව සංඛේත් කොල කෑල්ලක එයාගෙ නම්බර් එක ලියල, මට දීල ගියේ අතුරු පාරකට හැරිල. මම ඒ නම්බර් එක පරිස්සමට බෑග් එකට දාගත්තෙ ඇයි කියන්න මටත් හිතාගන්න බෑ..
.
.
.
මතුසම්බන්ධයි.........

No comments:

Post a Comment