Monday, December 18, 2017

ආත්මා.........
.
8 වන කොටස.........
.
"එයාල කතා කලේ උඹ ගැන." සඳා කියපු දේ නිසා මම තවත් බය වුනා....
.
"මොනවද එයාල මම ගැන කතා කලේ...?" මම එහෙම ඇහුවෙ එයාල කතා කරපු ඒව දැනගන්න.
.
"අම්ම, තාත්තට කිව්ව අද සුරංගනී මෙහෙ ආව, ඇවිල්ල මගෙ නම කිව්ව, ඒ වුනාට එයාට මොකුත් මතක නෑ, මම හිතන්නෙ එයා ආයෙත් ඉපදිලා කියල. එහෙම කිව්ව." සඳා එහෙම කියල මගෙ දිහා බැලුව.
.
"එතකොට තාත්ත මොනවද කිව්වෙ...?" මම ඇහුවෙ එයාගෙ තාත්ත මොනවද කිව්වෙ කියල දැන ගත්තොත් මට මේ වෙන දේවල් ගැන මොකක් හරි අදහසක් ගන්න පුලුවන් වෙයි කියල හිතාගෙන.
.
"තාත්ත බය වෙලා කෑගැහුව ඒක එහෙම වෙන්න බෑ, අපි ගමෙන් ආවෙත් ඒ ප්‍රශ්නෙ නිසා නෙ කියල." සඳා එහෙම කිව්වෙ බය වෙලා.
.
"එහෙනම් අපිට මේකට උත්තර හොයන්න වෙන්නෙ සාස්තරයක් වත් බලල තමයි." මම එහෙම කිව්වෙ අපේ ගෙදරින් මාව තනියෙන් කොහෙවත් යවන්නෙ නැති නිසා.
.
.
ඉස්කෝලෙ ඉවර වුන ගමන්ම මම සඳාවත් ඇදගෙන පිළියන්දල ලයිබ්රි එක ලඟට ගියේ සංඛේත් මීට් වෙන්න. අපි එතනටගිහින් ටික වෙලාවක් යද්දි සංඛේත් එතනට ආව. සඳාට සංඛේත් අපි දෙන්න දකින දේවල්, අපේ හීන ගැන හැමදේම පැහැදිලි කලා. සඳා එයාගෙ අම්මයි තාත්තයි කතා කරපු ඒවත් සංඛේත් ඉස්සරහ ආයෙමත් කියද්දි සංඛේත් වගේම මමත් ආයෙමත් බය වුනා.
.
"මොනවා.....? එහෙනම් මෙතන ලොකු දෙයක් ඇති. අපි මේ ගැන හොයන්න ඕනෙ." සංඛේත් එහෙම කියද්දි මගෙ බය තවත් වැඩි වුනා.
.
"අපි සාස්තරයක් වත් බලමුද සංඛේත්...?" මම එහෙම කියද්දි සඳා පුදුමයෙන් වගේ වගේ මගෙ මූණ දිහා බලන් හිටියෙ මම කවදාවත් සාස්තර විශ්වාස කලේ නැති නිසා.
.
"අපි දැනට ඒක වත් කරල බලමු." සංඛේත් එහෙම කිව්වෙ කරන්න දෙයක් හිතා ගන්න බැරුව. අපි යන ගමන්ම දේවාලෙකට ගියේ වෙන දෙයක් කරන්න කලින් මේව නිරවුල් කරගන්න.
.
"මේ..... දරුවන් මෙතැනට පැමිණ සිටින්නේ සිතේ ඇති දුකක් පිලිබඳව සොයා බැලීමටයි......" කපුවා එහෙම කියද්දි අපි වැදගෙන හිටියේ හිතා ගන්න බැරි නිසා.
.
"එහෙමයි..." සංඛේත් එහෙම කිව්වෙ හරීම භක්තියකින් වගේ.
.
"මේ..... දරුවන්ට පිළිතුරු ලැබේවි, අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත ගමකින්....." කපුවා එසේ කියා අවසන් කලේ අපේ ගැටලුවට තවත් ප්‍රශ්නයක්ම ඉතුරු කරලා.
.
"අනුරාධපුරය.....? අපේ තාත්ත කිව්වෙ අපේ ගම ගාල්ල කියලනෙ." සඳා පුදුමයෙන් එහෙම කිව්වෙ අපිව තවත් අවුල් කරමින්.
.
"අපි දවසක් දාගෙන අනුරාධපුරේ යමු. මට කොහොම හරි මේක ගැන දැනගන්න ඕනෙ." සංඛේත් ස්ථීර හඬකින් එහෙම කිව්වෙ අපි ගෙදර යන්න බස් එකේ යන ගමන්. ඇත්තටම දැන් මටත් මේක හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.
.
"ගෙවල් වලින් යන්න අවසර දෙන්නෙ නෑ සංඛේත්." මම එහෙම කිව්වෙ අපේ ගෙදරින් අවසර දෙන්නෙ නැති නිසා.
.
"අපේ අම්මට මම මේව ගැන හැමදේම කියල තියෙන්නෙ. මම මොකක් හරි කරන්නම් ගෙවල් වලින් අවසර ගන්න." සංඛේත් කිව්වෙ මගෙ මූණ දිහා බලාගෙන. ඇත්තම කිව්වොත් අපිටත් නොදැනී අපි දෙන්න මාර විදියට ලං වෙලා. ඇත්තටම සංඛේත් මගෙ කව්ද...? මේක අපේ ගිය ආත්මෙ ගැන දෙයක් උනත්, සංඛේත්ට මම ආදරෙයි. දැන් මම සංඛේත්ගෙ ඇස් දෙකට, කතාවට පිස්සු වැටිල වගේ. මං දන්නෙ නෑ ඒ ආදරේ ඇති වුනේ කොහොමද කියල වත්. මේ අවුරුදු 18ටම ඇති නොවුනු ඒ සුන්දර හැඟීම අද ඇතිවෙලා.
.
"මොකෝ බං මේ තනියම හිනා වෙන්නෙ...?" සඳා එහෙම ඇහුවෙ සංඛේත් ඉස්සරහමයි.
.
.
.
මතුසම්බන්ධයි...........

No comments:

Post a Comment