Saturday, December 16, 2017

ආත්මා....
.
2 වන කොටස...
.
"කෙල්ලේ... බලාගෙන....." මම එහෙම කෑගැහුවම යාළුවො විතරක් නෙමෙයි පාරෙ යන මිනිස්සු් මගෙ දිහා බැලුවෙ පුදුමෙන් වගේ...
.
"මොකද බං මේ... උඹට මොනව වෙලාද මේ වාහනයක් ව් නැති පාරෙ නිකම් බොරුවට කෑගහන්නෙ..." සඳසි එහෙම අහනකොටයි මට තේරු⁣ණේ මම කෑගහල තියෙන්නෙ පාළු පාරකදි කියල.
.
"ඇයි බං දැන් උඹේ ඇඟට කාර් එකක් හැප්පෙන්න ගියා නේද..." මම එහෙම ඇහුවෙ මම දැකපු දේ ඇත්තද කියල බලාගන්න.
.
"උඹට අමු කැවිලද යකෝ...? අපි ක්ලාස් එකෙන් ආවට පස්සෙ එක වාහනයක් ගියෙ නෑ මේ පාරෙ. උඹට සනීප නැද්ද..." සඳසි එහෙම අහද්දිත් රශ්මියි මල්ෂයි මූණට මූණ බලා ගත්ත.
.
"අනේ මන්ද... මම ඇත්තටම දැක්ක. මම ගොඩක් බය වුණා..." මම එහෙම කියද්දි මට ඇඬුන.
.
"හරි හරි... දැන් අඬන්නෙ නැතුව හිටපං කො." මල්ෂ එහෙම කිව්වෙ මම අඬනව එයාල කවදාවත් දැකල නැති නිසා. ඇත්තටම ගෙදර එකම හුරතලී මම නිසා මට අඬන්න හේතුවක් වුනෙත්  නෑ..
.
අපි කතා කර කරම බස් ස්ටෑන්ඩ් එකට ආවම මට නිකන් කවුරු හරි මගෙ දිහා බලන් ඉන්නව වගේ තේරුණා...
.
"සඳා... මගෙ දිහා කවුරු හරි බලන් ඉන්නවද කෙල්ලෙ...?" මම බිම බලාගෙනම එහෙම ඇහුවෙ, මම ම ඒක බැලුවොත් බලන් ඉන්න කෙනා අහක බලයි කියල හිතුන නිසා.
.
"විශේෂ කවුරුවත් නම් නෑ...." සඳා එහෙම ඇදල කියද්දි මම දැනගත්ත කවුරු හරි ක්ලාස් එකේ කෙනෙක් තමයි කියල. මම හැරිල බලද්දිම අර නිල් පාට ඇස් දෙක මගෙ ඇස් එක්ක පැටලෙන්න හදනව වගේ මට දැනුනෙ. ඒ නිල් ඇස් තියෙන කොල්ල මගෙ දිහාම බලන් ඉන්නව.
.
"මම හිතුවෙ වෙන කවුරු හරි කියල. බලන් ගියාම මේකා නෙ බලන් ඉඳල තියෙන්නෙ." මම සඳාට කියල අහක බලා ගත්ත.
.
"අර කොල්ල එක්ක උඹල දෙන්න පැණි හලාගනිල්ල. අපේ බස් එක ආව. අපි යනව." එහෙම කියල රශ්මි, මල්ෂා එක්ක බස් එකකට නැග්ගෙ අපේ බස් එක තව ටිකක් පරක්කු නිසා.
.
"අනේ මේ.... මගෙන් මොකුත් අහගන්නෙ නැතුව පලයල්ලා.." මම කෑගැහුවෙ එයාල බස් එකට නගිද්දිමයි.
.
"මේ... අර කොල්ල අන්න මේ පැත්තට එනව.." සඳා හොරෙන් වගේ එහෙම කියද්දි මට ඉබේම ඒ පැත්ත බැලුනා. ඒ කොල්ල අපි දිහා බලාගෙනම අපි ඉන්න පැත්තට ආව.
.
"අයියෝ සඳා... බස් එකත් පරක්කුයි නෙ අද..." මම එහෙම කිව්වත් එ කොල්ල අපේ පැත්තට එනවට මම හිතෙන් කැමැත්තෙන් හිටියෙ.
.
"නංගිල අළුතෙන්ද ක්ලාස් එකට ආවෙ..." ලඟටම ආපු කොල්ල අහද්දි මාව නිකන් සීතල වෙලා ගියා.
.
"ඔව්. ඇයි අයියද ක්ලාස් එකේ සර්......" සඳා එහෙම අහද්දි ඒ කොල්ලගෙ මූණ ඇද වෙලා ගියා...
.
"සර් වෙන්නම ඕනෙද ඔයාල එක්ක කතා කරන්න...?"
.
"අපෝ නෑ.... නිකන් අයටත් පුලුවන්... ඒත් අපි උත්තර දෙන්න බැඳිල නෑ..." ඒ කොල්ල අහපු එකට මම එහෙම කිව්වෙ කොහොමද කියල මට වත් තේරුණේ නෑ...
.
"ආහ්... යාලුවට කතා කරන්නත් පුලුවන් නේද...?" නිකන් නෝන්ඩියට වගේ එයා එහෙම කියද්දි මට තවත් කට වහගෙන ඉන්නම බැරි වුනා.
.
"ඇයි අයිය හිතුවද අපි අඳ ගොලු බීරි විද්‍යාලෙ කියල...? ඔයා පාඩුවෙ යනවද...?" මම එහෙම කිව්ව නෙමෙයි... කියවුනා. මම දන්නෙ නෑ කොහොම එහෙම කිව්වද කියල මම.
.
"අපෝ නෑ.... අපි එහෙම කිව්වද? නිකන් කතා කරන්න නෙ ආවෙ." එහෙම කියද්දි කොල්ලගෙ මූණ හොඳටම රතු වෙලා.
.
"හරි හරි... අපි යනව... යාලුවට මාර විදියට කේන්ති යනවනෙ හලෝ..." එහෙම සඳාට කියල ඒ කොල්ල යන්න ගියා...
.
"මොනවද බං ඒ කිව්වෙ...?" සඳා පුදුමයෙන් මගෙ දිහා බලාගෙන ඇහුව.
.
"දන්නෙ නෑ බං. කටට ආපු ඒව කියල දැම්ම. මටත් පුදුමයි කිව්ව ඒවට..." මම එහෙම කිව්වට මටම පුදුමයි. හැබැයි ඔය වචන ටිකම මම කෙනෙක්ට කිව්ව වගේ මතකයි... හැබැයි ඒ කාටද? කවදද? මට  මතක නෑ.
.
මතු සම්බන්ධයි.......

No comments:

Post a Comment