Saturday, December 16, 2017

ආත්මා......
.
5 වන කොටස........
.
මම වත්ත ඇතුලට අඩිය තියද්දිම මට මහ අමුත්තක් දැණුන. ඒ මොකද කියන්න මම හරියට දන්නෙ නෑ. ඒත් මහ මූසල හැඟීමක් ආව මට. ඒත් වත්තයි, ගෙදරයි නම් හරීම ලස්සනයි.
.
"මේක තමයි අපේ පුංචි පැල් කොටේ....." සඳා ගේ දිහා බලන් කියද්දි මට බකස් ගාල හිනා ගියා..
.
"යකෝ මේකට පැල් කොටේ කිව්වොත් අපේ ගෙදරට මොකක්ද කියන්නෙ...?" මම හිනා වෙවීම එහෙම ඇහුව.
.
"අපේ ඩැඩී මං ඉපදෙන්න කලින් ඉඳල තියෙන්නෙ මෙහෙ නෙමෙයි. ගාල්ලෙ. ඒත් එහෙ ඉන්න බෑ කියල හිතිල තමයි මේ ගේ හදාගෙන මෙහෙට ඇවිල්ල තියෙන්නෙ." සඳා එහෙම කිව්වෙ අහස දිහා බලාගෙන.
.
"ඉතිම් බං මේ හොඳට ගේ එහෙම හදාගෙන ඉන්නෙ...?" මම ඇහුවෙ සඳා දුකින් වගේ ඉන්න නිසා.
.
"ඒත් බං මේ අවුරුදු 18ට ම එක පාරක් වත් අපි එහෙ ගිහින් නෑ. ගෙදරට එහෙ නෑදෑයො එන්නෙත් නෑ. අපි මේ පැත්තෙ තනි වෙලා වගේ ඉන්නෙ බං." සඳා දුකින් එහෙම කිව්වෙ.
.
"ඒකටත් මොකක් හරි හේතුවක් ඇති බං." මම සඳාව සනසල බැලුවෙ වත්තෙ තිබුණු මල් ගස් දිහා.
.
"හරි ලස්සනයි බං මල් වත්ත. කවුද මේව ගෙනාවෙ?" මම එහෙම ඇහුවෙ ඇත්තටම ලස්සන නිසා.
.
"අපේ තාත්තගෙ වැඩ තමයි ඕව." සඳා හිනා වෙවී එහෙම කිව්වම මම ගොඩාක් පුදුම වුනා. මොකද මම චූටි කාලෙ ඉඳන්ම ආස කරපු හැම මල් වර්ගයක්ම එතන තිබුණ.
.
"මේ.... යමන් ගෙට. අම්මවත් හම්බවෙලා තේ එකක් එහෙම බීල කතා කරමු උඹේ සංඛේතය ගැන." සඳා නෝන්ඩියට වගේ එහෙම කිව්වම මට මාර ලැජ්ජාවක් ඇති වුනේ.
.
"අම්මී... අම්මී..." සඳා කෑගහගෙනම ගෙට ගියේ මාවත් ඇදගෙන.
.
"මොකෝ ලමයො මේ බෙරිහන් දෙන්නෙ.? මම කුස්සියෙ ඉන්නෙ." අම්ම එහෙම කියද්දි සඳා කුස්සියට ගියෙ මාවත් ඇදගෙනමයි.
.
"අම්මෙ... මේ දිනෙත්මා.... මගෙ ඉස්කෝලෙ හොඳ...ම යාළුවා.." සඳා ඇදල කියද්දි මට බකස් ගාල හිනා ගියා. එතකොටම සඳාලගෙ අම්ම මම ඉන්න පැත්තට හැරුණ.
.
"සමන්ති ඔයා........" මම දන්නෙ නෑ මට එහෙම කොහොම කියවුනාද කියල. සඳාගෙ අම්මගෙත් ඇස් උඩ ගියා...
.
"සුරංගනී........" සඳාගෙ අම්ම මගෙ දිහා බලාගෙන එහෙම කිව්වත් මට තේරුණේ නැහැ ඒ ඇයි කියල.
.
"ඔ...ඔයාගෙ අම්මගෙ නම සුරංගි ද..." ආයෙත් පියවි සිහියට ආපු සඳාගෙ අම්ම ඇහුව.
.
"නෑ ඇන්ටි. අම්මගෙ නම සකුන්තලා." මම එහෙම කියද්දි සඳා මූණත් කළු කරගෙන අපි දෙන්න දිහා බලාගෙන ඉන්නව.
.
"මේ..... ඔයාල දෙන්න කලින් අඳුරනවද...?" සඳා එහෙම ඇහුවෙ අපි කතා කරපු විදියට.
.
"නෑ පුතේ.... ගාල්ලෙ මගෙ යාළුවෙක් හිටිය සුරංගි කියල. එයත් මේ ඔයාගෙ යාළුව වගේමයි." ඇන්ටි එහෙම කියල ෂේප් වුනා. සඳා ඊලඟට බැලුවෙ මගෙ දිහා.
.
"දිනෙත්මා...... උඹ කොහොමද අපේ අම්මගෙ නම හරියටම කිව්වෙ...?" සඳා අහද්දි මටත් හිතාගන්න බෑ එහෙම වුනේ ඇයි කියල.
.
"දන්නෙ නෑ සඳා.... එදා පාර මැද්දෙ කෑගැහුව වගේ තමයි අදත් වුනේ. ඒක ගැන කියන්න තමයි මම අද ආවෙත්..." සඳා ටිකක් ෂේප් වුනා වගේ....
.
"අම්මී..... තේ දෙකක් හදල දෙනවද....? අපි කාමරේට යනවා.." සඳා එහෙම කියල මාවත් ඇදගෙන සඳාගෙ කාමරේට ඇදගෙන ගියේ කතාව අහන්න.
.
"හරි. දැන් මෙතනින් ඉඳගෙන කතාව කියපං මගෙන් මැරුම් නොකා..." සඳාට තාමත් කුතුහලය මට මේ වෙන දේවල් වලට. ඇයි අප්ප මහ පාරෙ කෑගැහුව, සංඛේත් කියල හීනෙන් කෑගැහුව, සඳාගෙ අම්මගෙ නම හරියටම කිව්ව, ඒකි දැන් මටත් වඩා අවුල් වෙලා ඉන්නෙ.
.
.
.
මතුසම්බන්ධයි.................

No comments:

Post a Comment