Sunday, December 17, 2017

ආත්මා.........
.
7 වන කොටස.........
.
"සඳා.... මට සංඛේත්ව ගෙදර එනකොටත් හම්බවුනා..." මම ගෙදර ගිය ගමන්ම මම සඳාට කතා කරල කිව්වෙ කරන්න දෙයක් හිතා ගන්න බැරිවුණ නිසා.
.
"එයා මේ ලඟ ඉන්නෙ. මටත් එයාව දවසක්, දෙකක් හම්බවුණා." සඳා ගානකට නැතුව කිව්ව.
.
"එයාටත් මට පේනව වගේ ඒව පේනවලු. අපි දෙන්න කතා කරද්දි එයා කිව්වෙ." මම සඳාට කෙලින්ම කිව්ව.
.
"මොනවා...... එයාටත්...? එහෙනම් මේක මොකක් හරි දෙයක් වෙන්නම ඕනෙ. අපි හොයන්න ඕනෙ දිනෙත්මා." සඳා එහෙම කිව්වෙ බය වෙලා වගේ.
.
"සංඛේත් මට එයාගෙ නම්බර් එක දුන්න. මේකට විසඳුමක් හොයන්න එයත් එනව කිව්ව." මම කිව්වෙ සඳා මොනව කියයිද බලන්න.
.
"උඹ කතා කරල හෙටම එයාව මීට් වෙන්න විදියක් කතා කරගනින්. මටත් දැනගන්න ඕනෙ ඔය වෙන දේවල් වල තේරුම. තාත්ත ආව. මම තියනව බං." සඳා එහෙම කියල ෆෝන් එක කට් කලේ මට හිතන්න දේවල් ඉතුරු කරල. මම හිතා ගත්ත රෑ කෑමෙන් පස්සෙ සංඛේත්ට කතා කරන්න.
.
.
"හෙලෝ.... මේ.. මේ... සංඛේත් ඉන්නවද...?" මම බයෙන් බයෙන් වගේ එහෙම අහද්දි එහා පැත්තෙ ආන්ස්වර් කරපු කෙනා ටිකක් සද්ද නැතුව හිටිය.
.
"ඔව්. සංඛේත් තමයි කතා කරන්නෙ... මේ කව්ද...?"  සංඛේත් එහෙම අහද්දි මගෙ බය ටිකක් අඩු වුනා.
.
"අද හම්බවුණේ ගැමුණුපුර හංදියෙදි.. මම දිනෙත්මා." මම එහෙම කිව්වම එයා හිනා වුනා.
.
"ආයෙත් මොනව හරි දැක්කද...?" එයා එහෙම ඇහුවෙ බයෙන් වගේ.
.
"නෑ... නෑ... මටයි, සඳාටයි හෙට ඔයාව හම්බවෙන්න ඕනෙ. හෙට පුළුවන්ද...?" මම කෙලින්ම කියල දැම්ම.
.
"මොකක් හරි හදිස්සියක් ද...?" එයා කලබලෙන් වගේ එහෙම ඇහුව.
.
"නෑ... අපි තුන්දෙනාම එකතු වෙලා අපි දෙන්නට මේ පේන දේවල් ගැන හොයන්න ඕනෙ. ඒක ගැන කතා කරගන්න තමයි හෙට මීට් වෙන්න පුළුවන්ද ඇහුවෙ." මම එහෙම කිව්වම එයා හයියෙන් හුස්මක් පහලට දැම්ම.
.
"අම්මෝ... මම බය වුනා මගෙ ඔළුවට මොකක්ද මේ පාත්වෙන්න යන හෙනේ කියල..." එයා හිනාවෙවී එහෙම කියද්දි මට ඇත්තටම එයා පව් කියල හිතුන.
.
"හරි. මම පිළියන්දල ලයිබ්රි එක ලඟට එන්නම්. ඉස්කෝලෙ ඉවරවෙලා ඔයාලත් එතනට එන්න. මම තියන්නම් එහෙනම්." එයා ඒ ටික කියල ෆෝන් එක කට් කලා.
.
අවුරුදු 18ක් පුරාවට මේ ජීවිතය මට නොදුන්න ප්‍රශ්න, මේ දවස් දෙක තුනට වැඩිපුරත් එක්ක දීල. මට මොකුත්ම හිතාගන්න බෑ. ඒ ගැන හිත හිත ඉද්දිම මට නින්ද ගියා.
.
මම උදේ නැගිට්ටෙ ලස්සනම ලස්සන හීනයක් දැකල. ඒ තමයි මම සංඛේත් එක්ක දුර ඈත ගමක, වැවක් ලඟ කතා කර කර හිටිය. එයා මේ සංඛේත් ට වඩා ටිකක් වෙනස්. හැබැයි පෙනුමයි ඇස් දෙකයි එකම වගේ. මෙයා තරම් සුදු නම් නෑ. මම ඒ ගැන හිත හිතම ඉස්කෝලෙට ගියා.
.
"දිනෙත්මා... ටිකක් මේ පැත්තට යමංකෝ..." සඳා හදිස්සියේම මාව ඇදන් ගියේ පිට්ටනිය ලඟ තිබුණු නෙල්ලි ගහ ලඟට.
.
"මොකෝ බං මෙ පාන්දර යකෙක් වත් දැක්කද...?" මම ඇහුවෙ හිනාවෙවීමයි.
.
"ඊයෙ රෑ මම දැකපු යකා උඹත් දැක්ක නම් ඔහොම හිනා වෙන්නෙ නෑ උඹ." මූණෙන් දාඩිය පෙරා⁣ගෙන බය වුනු කෙනෙක් වගේ ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන සඳා කියද්දි මට බකස් ගාල හිනා ගියා.
.
"හිනා නොවී මේක අහපං යකෝ... මේක උඹේ හීන වලට සම්බන්ධ යකෙක්." එහෙම කියද්දි නම් මටහීන් දාඩියයි මහ දාඩියයි ඔක්කොම දැම්මා.
.
"මොකද මොකද වුනේ කියපං...." මම බය වෙලා එහෙම කියද්දි සඳා ටිකක් වෙලා හිටියෙ බය නැති කරගන්න වගේ.
.
"උඹට මතකද ඊයෙ මම තාත්තා ආව කියල කෝල් එක කට් කලා..." සඳා ඇහුවෙ ඊයෙ රෑ වුණු දේ.
.
"ඔව් ඔව්.... ඉතින් තෙපරබාන්නෙ නැතුව කියපංකො." මම එහෙම කිව්වෙ තවත් බලන් ඉන්න බැරි නිසා.
.
"අම්මයි තාත්තයි මුලින්ම ආවෙ මගෙ කාමරේට. මම හොඳටම නිදි වගේ හිටිය. ඊට පස්සෙ එයාල දෙන්න මාව ඇහැරෙන්නෙ නැතිවෙන්න හෙමින් හෙමින් සාලෙට ගිහින් කතා කරනව ඇහුන නිසා මම හොරෙන් අහගෙන හිටිය. එයාල කතා කරේ උඹ ගැන." මම ඒ සඳා කියපු දේවල් නිසා හොඳටම බය වුණා.
.
.
.
මතුසම්බන්ධයි...........

No comments:

Post a Comment